හෙට (20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ඇතැයි වාර්තා වෙනවා.
එම සමාගම දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයේ පැවැතීම හේතුවෙන් ඒ පිළිබඳ යම් තීරණයක් ගැනීමට සිදුවී ඇති තත්ත්වයක් තුළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කරුණු විමසීම සඳහා මෙසේ කැඳවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සතු A 350 වර්ගයේ ගුවන් යානා සම්බන්ධයෙන් පවතින ගැටලූකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම එහි තවත් අරමුණක් වනවා.
මේ වන විට සමාගම සතුව ගුවන් යානා 25 ක් ඇති අතර ගුවන් නියමුවන් 360 ක්, ගුවන් සේවක සේවිකාවන් 1200 ක් ඇතුළුව 7200 කට ආසන්න සේවක පිරිසක් සිටිනවා.