Friday, September 20, 2024

General line - 0115112241

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට




වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකි බවයි. 

සියයට 10ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවට බස් සංගම් ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.