Friday, September 20, 2024

General line - 0115112241

ඥාණසාර හිමි ඉන්න තැනින් එළියට එන්න සූදානම්




බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ ආරක්‍ෂාව තහවුරු වන්නේ නම් උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිටිමට සූදානම් බව අද (20) ප‍්‍රකාශ කෙරුණා.

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළා.

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ අනිද්දා (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටිනු ඇති බවයි. 

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ අනාගතය සම්බන්ධයෙන් උන්වහන්සේ මෙහිදී අදහස් පළ කළා.

"අරයගෙ ගෙදර ඉන්නවා.. මෙයාගෙ ගෙදර ඉන්නවා... කියලා දැන් ඥාණසාර හිමි ගැන දේශපාලඥයින් විවිධ කතා කිව්වනේ. අපි බලමු කොහේ ඉඳන්ද එන්නේ කියලා. දැවැන්ත රාජ යෝගයක් තියෙනවා ඥාණසාර හාමුදුරුවන්ට. රජ්ජුරුවෝ වෙන්න බැරිද රටේ. අපි හිතන්නෙවත් නැති මිනිස්සු රටේ පාලන බලය අරගෙන තියෙනවා. බලමු කොහොමද රාජ යෝගය කැරකෙන්නේ කියලා. දැන් ඉතින් මේක කියපු කමන් අර ඇත්තන්ට හීන්දාඩිය දායි."