Friday, September 20, 2024

General line - 0115112241

විගණකාධිපතිට ඇමති කිරිඇල්ලගෙන් දැඩි ප්‍රහාරයක්




මුදල් අමාත්‍යාංශයේ 2016 වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් විගණන මතයක් ප‍්‍රකාශ කළ නොහැකි බව විගණකාධිපතිවරයා දැනුම් දි ඇතැයි පාර්ලිමේන්තුවේදී අද (20) අනාවරණ වුණා.

ඒ, එම වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමත් සමගයි.

ඊට පිළිතුරු දෙමින් කිරිඇල්ල ඇමතිවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ "මෙයා හරි ප්‍රසිද්ධයි පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැතුව වාර්තා දෙන්න. මූලික වැරැද්ද කරලා තියෙන්නේ විගණකාධිපතිතුමායි." යනුවෙනි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)