Friday, September 20, 2024

General line - 0115112241

ගිනි ගන්නා ගෑස් කඩේ ගෑස් සිලින්ඩර පුපුරයි (UPDATE)




අද (20) රාත්‍රියේ කොස්ගම ප්‍රදේශයේ කනංපැල්ල හන්දියේ පිහිටි ගෑස් අලෙවි සැලක හට ගත් ගින්න හේතුවෙන් එම ගෑස් අලෙවි සැලේ ඇති එල්.පී වර්ගයේ ගෑස් සිලින්ඩර් මේ වන විට පිපිරීමට ලක් වන බව වාර්තා වෙනවා.

විටින් විට සිදුවන පිපිරීම් හේතුවෙන් ගින්න පාලනය කිරීමට පැමිණ සිටින ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ගින්න ඇති වී තිබෙන අලෙවි සැල පිහිටා ඇත්තේ සාලාව යුද හමුදා කඳවුරට කිලෝමීටයක් පමණ ආසන්නයෙන්.

-------------------------

ගෑස් කඩයක ගින්නක් - ගෑස් පිපිරීමේ අවධානමකුත්

(2017 - 06 - 20 20:09)

කොස්ගම ප්‍රදේශයේ කනංපැල්ල හන්දියේ වෙළඳසැල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් ගෑස් අලෙවි සැලක් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් ගිනි ගනිමින් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අලෙවි සැලේ ඇති ගෑස් ගින්නට මැදිව පිපිරීමේ අවධානමක් මතුවීම හේතුවෙන් ඒ ආශ්‍රිත මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.