Saturday, September 21, 2024

General line - 0115112241

ජල ගාස්තුවත් ළඟදීම ඉහළට




ජල ගාස්තු ඉදිරියේදී වැඩි කිරීමට සිදුවන බව ජලසම්පාදන අමාත්‍යාංශය පවසනවා. 

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ ජලය පිරිපහදු කර ලබාදීමට වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට හේතුව බවයි.

ජල ගාස්තු ඉහළ නැංවීමේ තීරණයට බලපා ඇති එකම හේතුව ජල පිරිපහදු පිරිවැය ඉහළයාම දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා. 

මෙම කරුණු අනාවරණ වුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.