Saturday, September 21, 2024

General line - 0115112241

ගිනි ඇවිලිමෙන් වතුකම්කරුවෙකු මරුට (PHOTOS)




බගවන්තලාව පොලිස් වසමට අයත් ෆෙටිරසෝ වතුයායේ පදිංචි වතුකම්කරුවෙකුගේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක‍ෂයට පත්වි ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම වතුයායේම පදිංචි සුබ්‍රමනියමි මර්දෙයි නැමැති වයස අවුරුදු 70වක තිදරු පියෙකි.

ඊයේ පස්වරු 5.30 ට පමණ මියගිය අය සිරුරේ ගිනි ඇවිලෙමින් නිවසේ වැතිරි සිටි බව මියගිය අයගේ ලේලි විසින් බගවන්තලාව පොලිසියට පවසා තිබෙනවා.

සිරුරට ගිනි ගත් ආකාරය පිළිබදව බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මරණකරු සිය පුතා සහ ලේලිය සමග එම නිවසේ ජිවිත්වි ඇති බවයි පොලිසිය පවසන්නේ.