සරසවි සිසුන් ඊයේ (21) කළ උද්ඝෝෂණයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට සිදු වූ අලාභය පිළිබඳ තක්සේරු කිරීම මේ වන විට ආරම්භ වී තිඛෙනවා.
සී සී ටී වී කැමරාවල සමීප ඡායාරූප ද මෙහිදී සැලකිල්ලට ගන්නා බවයි පොලිසිය පවසන්නේ.
උද්ඝෝෂකයින් පිරිසක් අමාත්‍යංශ පරිශ්‍රය තුළට නීති විරෝධීව ඇතුළු වී වාහනවලට සහ එහි අනෙක් දේපළවලට අලාභ සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස දේපළවලට අලාභ සිදු කළ තැනැත්තන් හඳුනා ගැනීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඝෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් ද ආරම්භ කර තිඛෙනවා.
හඳුනා ගන්නා වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියා.