Sunday, November 24, 2024

General line - 0115112241

අමෙරිකාවට ඇතුළුවන්නන්ට දැඩි කොන්දේසි




සිය රටට ඇතුළු වීමේ දී පවතින නීති දැඩි කිරීමට අමෙරිකානු රජය පියවර ගෙන තිබෙනවා. ඉකුත් මාර්තු මාසයේ දී මැදපෙරදිග රටවල් 08ක මගීන් සඳහා මෙම නීතිය හදුන්වා දීමට ද අමෙරිකාව පියවර ගත්තා.

කෙසේ වෙතත් සිය ගුවන් යානා තුළට පරිගණක රැගෙන ඒම තහනම් කරමින් පනවා තිබූ නීති ලිහිල් කිරීමටයි අමෙරිකානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.  නව ආගමන නීතියට අනූව රටවල් 105ක මගීන් සහ ඔවුන් රැගෙන එන විද්‍යුත් උපකරණ විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට අමෙරිකානු ආරක්ෂක අංශ තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.