Saturday, September 21, 2024

General line - 0115112241

විග්නේෂ්වරන් රැකගන්න සිවාජිලිංගම් ජනතාව පාරට බස්සයි?




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව කිසියම් පිරිසක් කටයුතු කරන්නේ නම් ප‍්‍රධාන අමාත්‍යවරයා රැක ගැනීම සඳහා ජනතාව වීදි බස්වන බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලිංගම් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දිගින් දිගටම ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් අපහසුතාවට පත්වන පරිදි කටයුතු කරන බවයි.

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව යළි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතිනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම් කේ සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කරන්නේ ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ට පළාත් සභාවේ කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දිය යුතු බවයි.