Saturday, September 21, 2024

General line - 0115112241

තැපෑල හරියට වැඩ සඳුදා සිටයි - තැපැල් පති




සේවක වැඩවර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ බිඳ වැටී තිබූ සේවා මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබෙනවා. තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ අතපසු වූ කටයුතු ඉදිරි දින දෙක ඇතුළත නිවැරදි කරන බවයි.  

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණෙන් ද විමසීමක් කළා. ඔවුන් ද පැවසුවේ අතපසු වූ කටයුතු අද සහ හෙට දින දෙක ඇතුළත නිවැරදි කිරිමට හැකිවනු ඇති බවයි. මේ එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර. 

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක වැඩවර්ජනය හේතුවෙන් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේ සහ විශ්ව විද්‍යාල සඳහා ඉල්ලූම් කිරීමේ කටයුතුවලට ද බාධා සිදු වුණා. ඊට අදාළ සේවා ද මේ වනවිට කඩිනම් කර ඇති බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ. 
 

ඉකුත් දිනවල ගෙවා ගත නොහැකි වූ දඩ මුදල ද තැපැල් කාර්යාවලට දැන් ගෙවීම් කළ හැකි බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ.

තමන් වැඩවර්ජනය අවසන් කළේ ඊයේ පැවති සාකච්ඡාවකදී එළඹි එකඟතා අනූව බව ද සති දෙකක් ඇතුළත එම එකඟතා ඉටු නොවුනහොත් නැවතත් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ද ඔවුන් කියා සිටියා.