Saturday, September 21, 2024

General line - 0115112241

රට රැකියාවට ගිය අයගේ දරුවන්ට ලක්ෂ 590 ක ශිෂ්‍යත්ව - ලැබෙන පිරිස මෙතනින් දැන ගන්න 




2017 වසරේ  විදේශ ගත ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම සඳහා රුපියල් ලක්ෂ 590 ක් වෙන් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.


මෙමගින් දරුවන් 2976 දෙනෙක් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර තිඛෙන බවයි ඇය සඳහන් කළේ.


මේ අනුව 2016 වසරේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 876 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.15,000 බැගින් රුපියල් 13,140,000 ක් ද, 2015 වසරේ සාමාන්‍ය පෙළ  සමත් දරුවන් 1712 දෙනෙකුට එක් අයෙකුට රු.20,000 බැගින් රුපියල් රු. 34,240,000ක්  ද, 2015 වසරේ උසස් පෙළ සමත්වී විශ්ව විද්‍යාල වරම් ලැබූ දරුවන් 388 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.30,000 බැගින්  රුපියල් රු 11,640,000 ක් ද වෙන් කර තිබෙනවා.