Saturday, September 21, 2024

General line - 0115112241

කුඩු මානෙල්  වැලිකඩ විශේෂ මෙහෙයුමෙන් මාට්ටු !




රාජගිරිය අරුණෝදය මාවතේ අද පෙරවරුවේ කරන ලද විශේෂ වැටලීමක  දී  මත්කුඩු ව්‍යාපාරයේ නිරත කුඩු මානෙල් නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටියදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩලගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රසික මහවත්ත මෙම වැටලීම සිදු කරනු ලැබුවා.