Saturday, September 21, 2024

General line - 0115112241

කොටුව දුම්රියපොලේ අට්ටාලය සැකසූ 06කට සිතාසි




සයිටම් ආයතනයට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට අට්ටාලයක් සකසා විරෝධතාවක් සංවිධාන කළ පුද්ගලයින් 06 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි අද (30) සිතාසි නිකුත් කෙරුණා. 

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් එහිදී ඔවුන්ට නියෝග කරනු ලැබුවේ ලබන මස 14 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසයි. 

සයිටම් ආයතනයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අට්ටාලයක් සකසා සත්‍යග්‍රහයක නිරත වන මෙම පිරිසට ඉවත් වන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය ඊයේ පස්වරුවේ ද නියෝග කළා. 

ඒ, කොටුව පොලිසිය හා දුම්රියපොළ ආරක්ෂක අංශය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්. 

කෙසේ වෙතත් එම නියෝගය ද නොතකා අදාළ පිරිස තවදුරටත් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස අද දිනයේ සිතාසි නිකුත් කෙරුණා.