Friday, May 3, 2024

General line - 0115112241

සරුංගලයේ නුල දිගේ පැමිණි පුංචි පුතුගේ මාරයා (PHOTOS)




ගලේවෙල බඹරගස්වැව කොස්ගහහින්න ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි කුඩා දරුවකු වගා ලිඳකට වැටී මියගොස් ඇති බව ගලේවෙල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගහහින්න පාසලේ 3 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අරෝෂ ඉමේෂ් ප්‍රියන්ත නැමති  දරුවෙකි. 

මෙම දරුවා පාසල් ගොස් සවස පාසලේම පැවති උපකාරක පන්තියට සහභාගි වී සවස 4.30ට පමණ දෙමාපියන්ට නොදන්වා තවත් මිතුරන් කීප දෙනකු සමග සරුංගල් යැවීමට ගොස් තිබෙනවා. 

සරුංගල් යවා පසුව සරුංගලය හකුලමින්, නුල ඔතමින් පස්සෙන් පස්සට පැමිණෙද්දී ලිඳට වැටුණු බවයි මිතුරන් පවසන්නේ.

පාසලේ ගුරුතුමිය හඬමින් කිවේ සරුංගල් යැවීමට නොයන ලෙස තමන් උපදෙස් ලබාදී සවස පන්තියෙන් පිටත් කර යැවූ බවයි.

තමන් එසේ උපදෙස් දුන්නේ ඊට පෙර දින දරුවන් පිරිසකගේ බෙල්ලේ සරුංගලයක නුලක් එතී තුවාල සිදුවූ සිද්ධියක් නිසාය.

ලිඳට වැටීමෙන් පසු අසල්වැසි කාන්තාවක් පැමිණ පිරිස එකතු කරගෙන දරුවා ළිදෙන් ගොඩගෙන ගලේවෙල රෝහලටත් පසුව දඹුල්ල රෝහලටත් රැගෙන ගියද දිවි බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.