Saturday, September 21, 2024

General line - 0115112241

තවත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකුට ඊශ්‍රායලයේ රැකියා




ඊශ්‍රායලයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකුට අද (30) ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරුණා. 

ඒ, විෂයභාර අමාත්‍ය තලතා අතුකෝරළ විසින්. 

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් දෙසිය හැටපස් දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා. 

ඔවුන්ගෙන් වැඩි පිරිසක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.