Saturday, September 21, 2024

General line - 0115112241

පැණිබීම සාදන ආකාරය අධ්‍යයනය කළ සිසුන් 35ක් රෝහලේ 




බීම වර්ගයක් විෂ වීම නිසා අසාද්මික තත්වයට පත්වු බදුල්ල ප්‍රදේශයේ සිසුන්   35 දෙනෙකුට රෝහල් ගත කර  තිබෙනවා.

බදුල්ල ධර්මදූත විද්‍යාලයේ  6 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇත්තේ ඔක්කාරය සහ හිසේ  කැක්කුම ඇතිවීම නිසා බවයි  බදුල්ල පොලිසිය සඳහන් කළේ.

මේ සිසුන් 25 දෙනෙක් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර  ලබාගෙන  පිටව ගොස් ඇති අතර සිසුන් 10 දෙනෙකු රෝහලට  ඇතුලත් කර තිබෙනවා.

පැණිබීම සාදන ආකාරය පිළිබඳ අධ්‍යයනයක්  ලබාගැනීමට දොඩම්   යොදා  සකස් කළ බීම පානය කිරිමෙන් පසු මෙම අසාද්මික තාවය මතුව ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.