Saturday, September 21, 2024

General line - 0115112241

වෑන් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි - 17 දෙනෙකු රෝහලේ 




බදුල්ල - රිල්පොල මාර්ගයේ වැලිවත්ත දෙකේ කණුව ප්‍රදේශයේ දී වැන් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළීමෙන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

ඔවුන් ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අට දෙනෙකුගේ තත්වය බරපතල බවයි.  

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. 

අනුරාධපුරයේ පැවැත්වෙන යුද හමුදා විසිරයාමේ උත්සවයකට සහභාගීවීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. 

වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.