Saturday, September 21, 2024

General line - 0115112241

වාසුගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට




හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩම් චීන සමාගම් කිහිපයකට බදු දීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළා. 

ඒ, නීතිපතිවරයා විසින් ගොනු කළ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින්. 

බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෘෘ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම සලකා බැලුණා. 

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2007, 2012 සහ 2014 වර්ෂවල දී ගිවිසුම් කිහිපයක් අත්සන් කර ඇති බවද වාසුදේව නානායක්කාර කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස එම ගිවිසුම්වලට අනුමැතිය ලබාදී ඇති බවද නීතිපතිවරයා අධිකරණ හමුවේ සඳහන් කර තිබෙනවා. 

එහෙත් මන්ත්‍රීවරයා ගොනු කළ පෙත්සමෙන් එම කරුණු මඟහැර ඇති බවයි නීතිපතිවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.  

මෙම කරුණු මත පදනම්ව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා මූලික විරෝධතා ගොනු කර ඇති අතර හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් ගිවිසුම් අත්සන් කර නොමැති බවද ප්‍රකාශ කළා. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පෙත්සම නිෂ්ප්‍රභ කරනු ලැබූයේ එම කරුණු සැලකිල්ලට ගෙනයි.