Saturday, September 21, 2024

General line - 0115112241

ආසියාවේ සාමය ගොඩනැගිම පිලිබඳ සම්මන්ත්‍රණය ඇරඹේ




ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයක් එකතුව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අද (30) කොළඹදී ආරම්භ විය.

පශ්චාත් යුධ සමයක සංහිදියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ආසියාතික අත්දැකීම් හා සංසන්දනය කිරීම මෙහි අරමුණයි. 

දෙස් විදෙස් විද්වතුන්, දේශපාලන නායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
 
මෙහි සමාරම්භක දේශනය ඉදිරිපත් කල ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සභාපතිනිය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වත්මන් රජය විසින් සංහිදියාව හා සංවර්ධනය ප්‍රමුඛ කොට සලකන බවත් ඒ සඳහා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජය කැපව සිටින බවත් පැවසුවාය. 

දශක ගණනාවක ගැටුම් වලින් පසුව රටක් හැටියට අනාගතය දෙසට සුභවාදීව ප්‍රගතිශීලි ගමනක යොමුව සිටින මෙවන් මොහොතක අප සමාජය තවදුරටත් කැඩී වෙන් වීමට ඉඩ නොදී යහපත් එකමුතු රටක් ගොඩනැගීමට අප සියලු දෙනාම ක්‍රියා කල යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.