Saturday, September 21, 2024

General line - 0115112241

මුතුරාජවෙලට කසල බැහැර කිරීමට අගරදගුරුගේත් විරෝධය




කොළඹ නගරය තුළ එකතු වන කැලි කසල මුතුරාජවෙල ප්‍රදේශයට බැහැර කිරීම සම්බන්ධයෙන් තමන් ද විරෝධය පළ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ කසල බැහැර කිරීම නිසා මීගමු කලාප ප්‍රදේශය සහ මුතුරාජවෙල ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට ද බලපෑම් එල්ල වී ඇති බවයි. 

වනජීවි අභය භූමි සංරක්ෂණ පනත යටතේ ගැසට් කර ඇති මුතුරාජවෙල ආරක්ෂිත කලාපය මේ වනවිට දැඩි විනාශයට ලක්වෙමින් පවතිනවා. 

ආරෝග්‍යශාලා හා මෘත ශරීරාගාර තුළ සිදු කරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණවලින් බැහැර කරන ශරීර කොටස් ද ජලය පිරි ස්ථානවලට දැමීම කිසිදු ප්‍රමිතියකින් තොරව සිදුවන බවයි කොළඹ අගරදගුරුවරයා පෙන්වා දෙන්නේ. 

මුතුරාජවෙල ප්‍රදේශයට කැලි කසල බැහැර කිරීම නවතා පරිසරයට මෙන්ම ජනතාවට ද හානි නොවන අයුරින් ගැටළු විසඳීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ, රජයෙන් හා කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලා සිටිනවා.