Sunday, September 22, 2024

General line - 0115112241

උමා ඔය ජනතාවගෙන් දැඩි තීන්දු බලාපොරොත්තුවන්න.. - ඇමති කමිටුව අද උමා ඔයට 




උමා ඔය ව්‍යාපෘතිය නිසා හානියට පත් ප්‍රදේශයන්හි සමාජ, පාරිසරික, ආර්ථික ගැටලුවලට විසඳුම්  නොලැබුණහොත් ඉදිරියේදී දැඩි තීන්දු ගැනීමට සිදුවන බව උමාඔය බහු  ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න අවදාරණය කරනවා.

ඔහු පවසන්නේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව අද(03) දිනයේ උමා ඔය  ව්‍යාපෘතිය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකිරීමට නියමිත බවයි 

උමාඔය  ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල නගරය ගිලා බැසීමේ අවදානම මෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවතින ජල ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබුවා.

මහින්ද අමරවීර,  පාඨලී චම්පික රණවක, විජිත් විජයමුණි ද සොයිසා යන අමාත්‍යවරුන් මෙම කමිටුවට පත් කර තිබෙනවා.

එම කමිටුව උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදුව ඇති පාරිසරික හානිය සහ එමගින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට වහා කටයුතු නොකළහොත් ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මීට වඩා දැඩි තීන්දු බලාපොරොත්තු විය යුතු බව ද සමන්ත විද්‍යාරත්න සඳහන් කළා.