Sunday, September 22, 2024

General line - 0115112241

සංවර්ධනයට අභයභූමියයි අලිමංකඩයි  හරස්වෙලාලු  - ආණ්ඩුවෙන් පාරට බහින බව කියන මන්ත්‍රී කියන කතාව 




සංවර්ධන කටයුතු සිදුකරගෙන යාමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කර ඇති කහල්ලපල්ලේ කැලේ අභයභූමිය හා අලිමංකඩවල් හරස්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම මහින්දසෝම  පවසනවා.


 පලාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව කියා සිටියා.

විශේෂයෙන් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ව්‍යාපෘති හා අත්‍යාවශ්‍ය වෙනත් සංවර්ධන කටයුතු කර ගෙනයාමේදී කහල්ල පල්ලෙකැලේ අභයභූමිය මුල් කොට ගනිමින් නිරන්තරයෙන්  ගැටලූ මතු වන බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නා.

කහල්ල පල්ලෙකැලේ  අභය භූමියට අයත් බව පවසා දැනට ජනතාව භුක්ති විදින ඉඩම්වලට අත තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් එසේ වුවහොත් ඊට එරෙහිව යහපාලන ආණ්ඩුව තුළ සිට තමන්ට පාරට බැසීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම මහින්දසෝම එහිදී අවධාරණය කළා.