Sunday, September 22, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය IS සිද්ධිය ගැන කියන කතාව




කොල්ලුපිටියේ පිහිටි සිය කාර්යාලයට පහර දීම සඳහා අයි.එස්. සංවිධානය කුමන්ත‍්‍රණය කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් වාර්තා වී නැතැයි ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ නිල වාර්තා නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ ප‍්‍රතිචාර නොදක්වන බවයි. 

ප‍්‍රහාරයකට අයි.එස්. සංවිධානය කුමන්ත‍්‍රණය කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙතෙන් කිසිදු තොරතුරක් තමන් වෙත ලැබී නොමැති බවයි පොලිසිය ද ප‍්‍රකාශ කළේ. 

රත්මලාන ගුවන් තොටුපළෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීම සඳහා අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය කුමන්ත‍්‍රණය කරන බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් මාධ්‍ය ඉකුත්දා වාර්තා කර තිබුණා. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ද ප‍්‍රකාශ කළේ මෙවැනි සිද්ධියක් පිළිබඳ නිල තොරතුරු නොමැති බවයි.

මෙරට ගුවන් පථ ඇති සෑම ස්ථානයකම ආරක්ෂක විධි විධාන දැඩි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.