Friday, October 18, 2024

General line - 0115112241

නැගෙනහිර ජනරැළිය ඇමතීමට මහින්ද නැගෙනහිර වේදිකාවට නගී  (PHOTOS)




ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කෙරුණු ආණ්ඩු විරෝධි රැළියක් ත්‍රීකුණාමලයේ දී මේ වනවිට පැවැත්වෙනවා. 

මෙයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටිනවා. 

ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ තවත් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙම රැළියට සහභාගී වී සිටිනවා. 











 

------------------------------------------------

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට සියල්ල සූදානම්! (PHOTOS) (03-07-2017 / 14:25)

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය ආරම්භ වීමට කටයුතු  සූදානම් වෙමින් පවතිනවා.

එහිදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන අනු කමිටුවලට තවදුරටත් සහය වන්නේදැයි තීරණය කරනු ඇති.

අද පැවැත්වෙන සාකච්ඡාවේ දී ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත‍්‍රීවරුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන අනු කමිටුවලින් ඉල්ලා අස්වීමට තීරණයක් ගනු ඇති බවයි පැවසෙන්නේ. 





----------------------------------------------

මහින්ද සමග මන්ත‍්‍රීවරු 35ක් වේදිකාවට නගින්න සූදානම් (03-07-2017 / 12:15)

අද (03) පස්වරුවේ ත‍්‍රීකුණාමලයේ දී පැවැත්වෙන ජන රැළිය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක පැවසුවේ මන්ත‍්‍රීවරුන් 35 කට ආසන්න සංඛ්‍යාවක් රැළියට සහභාගී වන බවයි. 

රැළිය සවස 02.00 ට ආරම්භ වන්නේ ත‍්‍රීකුණාමල නගරයේදීයි. 

මේ මොහොත වන විට රැළිය ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් සඳහන් කළා. පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක්ද වේදිකාවට එක්වීමේ සූදානමක් ඇති බවද පැවසුවා.