Sunday, September 22, 2024

General line - 0115112241

රෝහිතට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි




අයථා අන්දමින් මුදල් සහ දේපළ උපයා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව ගොනු කර ඇති නඩුවක් අගෝස්තු මස 02 සහ 03 යන දිනවල විභාග කිරීමට අද (03) නියෝග කෙරුණා. 

ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 

2004 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් රුපියල් ලක්ෂ 412ක මුදලක්  අල්ලස් මඟින් අත්පත් කරගෙන ඇති බව පවසමින් අල්ලස් කොමිසම මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.