Sunday, September 22, 2024

General line - 0115112241

නඩුවකට ආ ව්‍යාපාරිකයෙක් දුම්රියක ගැටී මරුට




බම්බලපිටිය ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 

මෙලස මියගොස් ඇත්තේ වෑතර ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඩබ්ලිව් යූ මුතුබණ්ඩා නමැත්තෙක්. 

මෙම පුද්ගලයා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු බවයි විමර්ශනවලින් අනාවරණ වී තිබෙන්නේ. 

ඔහුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ නඩුවක් විභාග වන බවද එහි නඩු වාරයක් අද දිනයේ ද පවත්වා ඇතැයි ද වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා. 

අනතුර සිදුව ඇත්තේ උදෑසන 11.30ට පමණයි. 

පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.