Thursday, January 9, 2025

General line - 0115112241

පැත්තකට වැස්ස - තවත් පැත්තක දැඩි උණුසුමක්




රට පුරා ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි ඇද හැලෙමින් තිබෙනවා. 

අද උදෑසන 8යි 30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ත්‍රීකුණාමලයෙන්. 

එහි අගය මිලිමීටර් 36 යි දශම 6ක් වනවා. 

මේ අතර මේ දිනවල ඇතැම් ප්‍රදේශවල පවතින්නේ සාමාන්‍ය අගයට වඩා වැඩි උෂ්ණත්වයක්. 

අද උදෑසන 8යි 30න් අවසන් වූ පැය 24 තුළ උපරිම උෂ්ණත්වය වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි. 
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එහි අගය සෙල්සියස් අංශක 37 යි දශම පහක් ලෙස සටහන් වනවා.