Sunday, September 22, 2024

General line - 0115112241

ජල ටැංකියක අබිරහස් ලෙස පුද්ගලයෙක් මිය යයි (PHOTOS)




වවුනියාව කුරුමන්කාඩු ලොරි රථ නැවතුම්පොළ  භූමියේ තිබි අද(03) දහවල් මළ සිරුරක් සොයාගත් බව  වවුනියාව පොලිසිය පවසනවා.

මිය ගිය පුද්ගලයා රාසරත්නම් අරියරත්නම් නමැති 53 හැවිරිදි පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ. 

ලොරි රථ නැවතුම්පොළ භූමියේ පවතින දිය නෑමට ජලය ලබාගන්නා ජල ටැංකියක තිබි මළ සිරුර හමු වී තිබෙන්නේ. 

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහලට රැගෙනයාමට නියමිතයි.  

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ අරඹා තිබෙනවා.