Friday, October 18, 2024

General line - 0115112241

රාගම කොල්ලයේ සැළසුම මෙන්න - කොල්ලය පිටුපස හමුදාවේ තිදෙනෙක්




රාගම දී ඉකුත්දා සිදු වූ රුපියල් ලක්ෂ හැත්තෑ හතේ කොල්ලයට අදාළ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. 

මෙම කොල්ලය ඉකුත් 26 වනදා සිදුවූයේ රාගම බැසිලිකා විද්‍යාලය අසළදීයි. 

වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක මුදල් කඩවත ප්‍රදේශයට රැගෙන යමින් තිබිය දී කොල්ලය සිදුවුණා. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 04ක්. 

ඉන් තිදෙනෙකු යුද හමුදාවේ සේවය කරන අයයි. 

කොල්ලය සිදු කිරීමට ඔත්තුව ලබාදී ඇත්තේ රෙදි පිළි අලෙවි සැලේම සේවකයෙකු බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වුණේ. 

ඔහු විසින් එස්. එෆ්. ජගත් නමැති අයෙකුට ඊට අදාළ තොරතුරු සපයා තිබෙනවා. 

කොල්ලකෑ මුදලින් අලෙවිසැලේ සේවකයාට රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදී ඇතැයි සඳහන්. 

සෙසු තිදෙනා රුපියල් ලක්ෂ 14 බැගින් බෙදාගෙන ඇති බවයි දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වුණේ. 

කැලණිය විශේෂ අපරාධ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා.