Sunday, September 22, 2024

General line - 0115112241

ගැබ්ගෙළ පිළිකා වැළැක්වීමේ එන්නත අද සිට පාසල්වලට 




ගැබ්ගෙළ පිළිකා වැළැක්වීමේ අරමුණින් ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අද (03) සිට විශේෂ එන්නතක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

ඒ අනුව වසර 10ක් සම්පූර්ණ වූ පාසල්වල හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන්ට මෙම එන්නත අද සිට ලබාදෙනු ඇති. 

හියුමන් පැපිලෝමා වෛරසයෙන් ඇති වන ආසාධන වැළැක්වීම සඳහායි මෙම එන්නත සකස් කර ඇත්තේ. 

වාර්ෂිකව මෙරට මැදි වියේ කාන්තාවන් දහසකට ආසන්න පිරිසක් සංකූලතාවන්ට පත්ව ගැබ්ගෙළ පිළිකා තත්වයන්ට ගොදුරු වන බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වී තිබෙනවා. 

ගැබ්ගෙළ පිළිකා මූලික අවස්ථාවේ හඳුනා ගැනීමේ පරීක්ෂණය ලොව පුරා ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එක් මූලික ක්‍රමවේදයක්. 

ඊට අදාළ පැප් පරීක්ෂණය 1996 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 35 ඉක්මවූ කාන්තාවන් සඳහා සිදු කර ගැනීමට පහසුකම් සපයා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.