Sunday, September 22, 2024

General line - 0115112241

පනතට විරුද්ධයි - මහින්ද නැගෙනහිර ජනරැළියේ දී ස්ථිරවම කියයි (PHOTOS)




පාර්ලිමේන්තුවේ දී අනිද්දා විවාද කිරීමට නියමිතව ඇති  අතුරුදන්වූවන් පිළිබඳ පනතට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(3) ත්‍රිකුණාමලයේ දී සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂය ත්‍රිකුණාමල නගරයේ සංවිධානය කළ ජනරැලිය අමතමින් ඔහු සඳහන් කළේ විදේශයන්ට අවශ්‍ය ආකාරයට නඩු අසා ත්‍රස්තවාදය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන්, දේශපාලන නායකයන්  පාවා දීමට මෙම පනත ගෙනෙන බවයි.

ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ තවත් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙම රැළියට සහභාගී වී සිටිනවා.