Sunday, September 22, 2024

General line - 0115112241

ගයන්තට අපහාස කළ ඡායාරූප ලබා ගත් දුරකතනයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (PHOTO)




 අමාත්‍ය ගයන්ත කරුණාතිලකට අපහාස වන පරිදි සමාජජාල වෙබ් අඩවි මඟින් ඡායාරූප පළ කළ බවට සැක කෙරෙන පුද්ගලයා, ඒ සඳහා යොදාගත් බව කියන ජංගම දුරකතනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. 

ඉකුත් ආපදා වකවානුවේ දී ආපදාවන්ට ලක්වූවන්ට අමාත්‍යවරයා විසින් කෙසෙල්ගෙඩි බෙදාදුන් බව හැඟවෙන පරිදියි අදාළ ඡායාරූප පළ කර තිබුණේ. 

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ අතර විමර්ශන ආරම්භ වූයේ ඒ අනුවයි. 

සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ප්‍රශ්නගත ඡායාරූප සිය මිතුරෙකු මඟින් තමන්ට ලැබුණු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.