වැල්ලවත්ත ප්‍රදේශයේ දී චීන ජාතික කාන්තාවකගෙන් රුපියල් කෝටි එක හමාරක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 27 වනදා රාත්‍රී මෙම කොල්ලය සිදුව ඇති බවයි පොලිසියට ලැබුණු තොරතුරුවල දැක්වෙන්නේ.
මෝටර් රථයකින් පැමිණි හතර දෙනෙකුගේ කණ්ඩායමක් කොල්ලකෑම සිදු කර ඇතැයි ද පොලිසිය සැක කරනවා.
අදාළ මෝටර් රථය සීදුව ප්‍රදේශයේ ආයතනයකින් කුළියට ලබාගත් එකක් බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ.
මුදල් අයත් චීන ජාතික කාන්තාව රාත්‍රී සමාජ ශාලා වෙත පැමිණෙන තැනැත්තන්ට පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක යෙදී සිට ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
ඇය වසර 10කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිට ඇතැයි ද සඳහන්.