Sunday, September 22, 2024

General line - 0115112241

මොරටුවේ අමුතුම විදියේ යතුරුපැදි කොල්ලක්




වෙනස් මාදිලියක යතුරුපැදි කොල්ලයක් පිළිබඳ මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

මෙලෙස කොල්ලයට ලක්ව ඇත්තේ අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ දැන්වීමක් පල කර තිබූ යතුරුපැදියක්.

එය මිලදී ගැනීම සඳහා යැයි පවසමින් පුද්ගලයෙකු වෙනත් යතුරුපැදියකින් අදාළ නිවසට පැමිණ තිබෙනවා. 

ඔහු විසින් අලෙවි කිරීමට තිබූ යතුරුපැදිය සහ එහි ලියකිවිලි ද පරීක්ෂා කර එහි අයිතිකරුට පවසා ඇත්තේ යතුරුපැදියේ සුළු අලූත්වැඩියාවක් සිදු කළ යුතු බවත් ඒ සඳහා උපකරණයක් ලබාදෙන ලෙසයි.  

ඔහු ඉල්ලා සිටි උපකරණය රැගෙන ඒමට යතුරුපැදියේ අයිතිකරු නිවස තුළට ගිය අවස්ථාවේ සැකකරු ලියකිවිලි ද සමඟ එම යතුරුපැදිය රැගෙන පලා ගොස් තිබෙනවා. 

කෙසේ වෙතත් ඔහු පැමිණි යතුරුපැදිය එහි දමා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.