Sunday, September 22, 2024

General line - 0115112241

ඉන්දීය වෛද්‍යවරුන් පැමිණියත් වෛද්‍ය වර්ජනය ස්ථීරයි




වර්ජනය සමයේ සිය රාජකාරී ආවරණය කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් යොදාගත හොත් ඊට තමන් එරෙහි නොවන බව රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

වෛද්‍යවරු වර්ජනයක නිරත වුවහොත් ඒ සදහා ඉන්දීය වෛද්‍යවරු යොදා ගැනීම පිළිබදව ඉකුත්දා පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මෙම අදහස් පළ කළා.

සයිටම් ගැටළුව මුල්කර ගනිමින් හෙට ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය වර්ජනය ස්ථීර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ අද රාත්‍රියේ ප්‍රචාරය කෙරෙන නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට අද එක්වන්නේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෙක්. 

ඔවුන් විසින් කැඳවා ඇති වැඩවර්ජනය මෙන්ම සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.