Sunday, September 22, 2024

General line - 0115112241

කරන්න හැදූ වෛද්‍ය වර්ජනයට අන්තිමට වෙච්ච දේ




හෙට (05) දින සිදු කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වර්ජනය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට  දිනයේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සිදු නොකරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අද දහවල් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේවෙතත් නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග සාකච්ඡාවක් සිදු කිරීමටද නියමිත බවයි.