Friday, January 10, 2025

General line - 0115112241

බදු අභියාචනා කොමිසම යළි වැඩ අරඹයි




බදු අභියාචනා කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස කටයුතු කළ හිටපු කොමසාරිස්වරුන් තිදෙනා යළි පත්කර තිබෙනවා.

මෙලෙස පත්කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා, අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ සහ හිටපු විගණකාධිපති එස් ස්වර්ණජෝති යන අයයි.

මෙම කොමසාරිස්වරුන්ගේ කාලය ඉකුත් මැයි මස 08 වැනි දායින් අවසන් වුණා. එදින සිට අද දක්වා බදු අභියාචනා කොමිසමේ කටයුතු සිදු කෙරුණේ නැහැ.

නව පත් කිරීම් සිදු කර ඇත්තේ අද (04) දිනයේ සිට බල පැවැත්වෙන පරිදියි. විසඳුම් ලබා නොදුන් පැමිණිලි 220 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට බදු අභියාචනා කොමිසම සතුව පවතිනවා.

මේ හේතුවෙන් රජයට අය විය යුතු බදු ආදායම් පවා අහිමි වී ගොස් ඇති බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසන්නේ. එමෙන්ම තමන්ට ගෙවීමට ඇති ආදායම් බදු සම්බන්ධයෙන් බදු ගෙවන්නාට කිසියම් ගැටළුවක් ඇත්නම් අභියාචනාධිකරණයට යාමට ඇති හැකියාව ද මේ හේතුවෙන් අහිමි වී ගොස් තිබුණා. 

මතු වූ තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් මැදිහත් වී කරුණු පෙන්වා දුන් අතර බදු ගෙවන්නන් මුහුණපා ඇති ගැටළු ද එහි දී සැලකිල්ලට ගැණුනා. 

බදු ගෙවීම්, බදු පැහැර හැරීම් ඇතුළු ආදායම් බදු සම්බන්ධයෙන් ඇති වන ගැටළු විමර්ශනය කිරීම බදු අභියාචනා කොමිසම විසින් සිදු කරනු ලබනවා.