මාධ්‍යවේදී මෙල් ගුණසේකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ හමුවේ හෙට (05) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඇය ඝාතනය කර ජංගම දුරකථනය කොල්ල කෑ බවට චෝදනා ලැබ සිටින ඒ. ජොර්ජ්ට එරෙහි මෙම නඩුව පැවැත්වෙනවා.
මෙල් ගුණසේකර පිහියෙන් ඇන මරා දමන ලද බවට චෝදනා ලැබ සිටින ඔහු නිවස වර්ණ ගැන්වීම සඳහා පැමිණි බව කියන පුද්ගලයායි.
ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ ද 'පේන්ට් බාස්' ලෙසයි.
පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයට සහය වනවා.