Sunday, September 22, 2024

General line - 0115112241

හෙට ගෙනෙන පණත එපා..නැති ගැටළු ඇති කරන  ව්‍යවස්ථාවත් එපා.. - තෛයිනිකායික මහා සංඝරත්නය රැස්ව අද ගත් තීරණ මෙන්න 




නැති ගැටළු ඇති කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව තෛයිනිකායික මහා සංඝරත්නය පවසනවා.

මහනාහිමිවරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා 75කට අධික ප්‍රමාණයක් අද (4) රැස්වෙමින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

භික්ෂූන් වහන්සේලා 75කට අධික ප්‍රමාණයක් මෙම අවස්ථාවට රැස්ව සිටියා.

දැනට ඇති ව්‍යවස්ථාව පවත්වාගෙන යායුතු බවයි එහිදී උචිත බවයි තීරණය වී  ඇත්තේ. 

ඡන්ද ක්‍රමයේ පමණක් සංශෝධන කිරීමට එහිදී එකඟත්වයට පත්ව තිබෙනවා.

ආගමික හෝ ජාතික වශයෙන් පවත්නා ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව රජයට උපදෙස් දීමට කමිටුවක් පත්කිරීමට ද මෙහිදී තීරණයකට එළඹුණා.

සොල්දාදුවන් ඇතුළු පිරිසට යුද්ද සමයේ කරුණු පිළිබඳව පිළිගත නොහැකි අයුරින් දඬුවම් කිරීම සඳහා හෙට (5) දිනයේ පාර්ලිමේන්තුවට ගෙනෙන බව කියන පණත ගෙන ඒම නොසුදුසු බවද මෙහිදී තීරණය කර තිබෙනවා.


අස්ගිරි මහා විහාරයේ චන්දානන්ද බොදු විදුහලේ මෙම සාකච්ඡාව පැවැත්වුණා.