Monday, April 29, 2024

General line - 0115112241

මහ සඟරුවනේ විරෝධතා මැද 'හෙට ගේන්න හදපු පණතට' අද රෑ වෙච්ච් දේ 




පාර්ලිමේන්තුවට හෙට (05) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ  අතුරුදන් වූවන් පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට රජය පස්වරුවේ තීරණය කර තිබෙනවා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ බව අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි ඇති විද්‍යාත්මක ගැටළු නිවැරදි කර පක්ෂ නායක රැස්වීමට  ඉදිරිපත් කරන බවයි ඔහු දැනුම් දී ඇත්තේ.

නැති ගැටළු ඇති කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව තෛයිනිකායික මහා සංඝරත්නය ද අද (4) ඒකමතිකව සඳහන් කළා.

මේ අතර පනත් කෙටුම්පතේ සිංහල සහ දෙමළ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  ලබා දෙනතෙක් විවාදය කල්තබන්නැයි  පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද අද  ජනාධිපතිවරයා මුණගැසී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක ද අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

ඒ පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුක් බැහැ දැකීමෙන් අනතුරුවයි.