Monday, April 29, 2024

General line - 0115112241

අන්තිම දවස ජුලි 23..යළි සමාවක් නෑ - සෞදියේ සිටින සියල්ලන්ටත් ලංකාවේ සිටින නෑයන්ටත් පණිවිඩයක් 




රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් සඳහා දීර්ඝ කර ඇති  පොදු සමා කාලය ජුලි 23 වන දින අවසන් වන බව විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය සිහිපත් කරනවා.

පවුලේ සාමාජිකයන් නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගෙන් ද ඉල්ලා සිටිනවා.

මාස තුනක් දක්වා ලබා දී තිබූ පොදු සමා කාලය නිමාවීමෙන් අනතුරුව ජුලි 23 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට සෞදි අරාබි රජය පසුගිය දා තීන්දු කළා.

එදිනට පසුව අනවසරයෙන් සිටින  පුද්ගලයන්ට එරෙහිව එරට නීතිය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.