Monday, April 29, 2024

General line - 0115112241

විදුලි පන්දමින් හිසට ගසා මරා දමලා (PHOTOS)




විදුලි පන්දමකින් හිසට පහරදී පුද්ගලයකු මරණයට පත්කිරීමේ  සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.

කැකිරාව පොලිස් වසමට අයත් උඩනිදිගම ප‍්‍රදේශයේදී එම පහරදීම සිදුව ඇති බව කැකිරාව පොලිසිය සඳහන් කළා.


පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් උඩනිදිගම ප‍්‍රදේශයේ පුද්ගලයකු තවත් පුද්ගලයකුට විදුලි පන්දමකින් පහරදීම සිදුකර ඇති අතර කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් තුවාල ලැබූ පුද්ගලයා කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර පසුව මියගොස් තිබෙනවා.


විදුලි පන්දමෙන් පහරදී ඇතැයි කියන සැකකරු කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්දිය සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ (04) දහවල් කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන විසින් පවත්වනු ලැබුවා.