හම්බන්තොට මුහුදු තීරයේ දී බහු දින ධීවර යාත‍්‍රාවක නෞකාවක් ගැටී තිබෙනවා.
එම අනතුරෙන් අතුරුදන් වූ දෙදෙනෙකු සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුර සිදුව ඇත්තේ හම්බන්තොට සිට මුහුදු සැතපුම් 13ක් දුරින් වූ ප‍්‍රදේශයේයි. යාත‍්‍රාවේ සිටි එක් අයෙකු මේ වන විට හම්බන්තොට රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
මෙම අනතුරින් දිවි බේරා ගත් අයෙකු නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ "අපේ කණ්ඩායම හම්බන්තොට සිට මුහුදු සැතපුම් 13 ක් පමණ දුරින් හිටියේ. යාත්‍රාවේ නිදියගෙන තමයි හිටියේ..එකවරම නැවක් ඇවිත් අපිව යට කරගෙන ගියා. අපි නැව් යන මාර්ගයේ නෙමෙයි හිටියේ. මම දැකපු නිසා තමයි මම බේරුණේ. නැව නම් අඳුන ගන්න බැරි වුණා. පාට විතරයි මතක. අනතුරත් සමග අපේ යාත්‍රාව වතුර යටට ගියා. " යනුවෙනි.
ඊයේ (04) දහවල් මෙම අනතුර සම්බන්ධයෙන් වාර්තා වූ වහාම නාවික හමුදාවේ ‘‘ජය සාගර නෞකාව ’’ සහ ඩෝරා යාත‍්‍රාවක් මෙම ප‍්‍රදේශයට පිටත්කර යවා තිබෙනවා.
යාත‍්‍රාවේ සුන් බුන් අදාළ මුහුදු ප‍්‍රදේශයේ ඇති බවත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු වන බවත් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලුතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ කියා සිටියා.