Sunday, September 22, 2024

General line - 0115112241

මාධ්‍යවේදී මෙල්ව මැරූ නඩුවේ තීන්දුව දෙයි




මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණයේදී අද (05) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව විත්තිකරු අද වරදකරු කරමින් මරණ දඬුවම නියම කිරීමටයි තීරණය කෙරුණේ.

2014 පෙබරවාරි මස 02 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ල ප්‍රභූතිපුරදී සොරකමකට නිවසට අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා නිවසේ සිටි මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් මත දොම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි දුරුලාන්දු ඇන්තනි රම්සන් ජෝර්ජ් නමැති විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද  එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළා.

විත්තිකරු, ඝාතනයට ලක්වූ මෙල් ගුණසේකර මෙනෙවියගේ නිවස පින්තාරු කිරීම සඳහා පැමිණි පින්තාරුකරු වනවා.

මෙල් ගුණසේකර මෙනවියගේ මව, පියා හා සහෝදරයා ආගමික වතාවත් සඳහා උදෑසන පල්ලියට ගිය අවස්ථවේ නිවස කොල්ලකෑමේ අදහසින් නිවසට ඇතුළු වූ විත්තිකරු විසින් නිවසේ තිබූ පාන් කපන පිහිවලින් කපා මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කර ඇති බව චෝදනා නඟා තිබුණා.