Sunday, September 22, 2024

General line - 0115112241

ආණ්ඩුකාර තනතුර නොලැබුණු සිත් තැවුලින් ඒ.එස්.පී. ලියනගේ තානාපතිකම අත්හැරීමට අවසර ඉල්ලයි




කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ එම තනතුරෙන්  ඉවත්වීමට අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ,පසුගිය කාලයේ දැඩි කතාබහකට ලක්වූ පීකොක් මන්දිරයේ සිටයි.

පුරප්පාඩු වන ආණ්ඩුකාරධූරයක්  තමන්ට හිමිවෙන බව සඳහන් කළත් එය නිසි පරිදි ඉටු නොවූ නිසා සිත්තැවුලට පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.

ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් තනතුරට පත්වීමෙන් හිස්වූ  නැගෙනහිර නව ආණ්ඩුකාර තනතුරට රෝහිත බෝගොල්ලාගමව ඊයේ (04) පත් කළ අතර එය තමන්ට හිමිවනු ඇති බවටයි ඒ.එස්.පී. ලියනගේ  විශ්වාස කළේ.

එකඟ වූ පරිදි ඉදිරියේදී හෝ හිස් වන ආණ්ඩුකාරධූරයක් ලබා දෙන ලෙස මෙන්ම කටාර් තනාපති කාර්යාලයේ රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ.