Friday, May 10, 2024

General line - 0115112241

මැතිව්ස් ඉවත්වූ කරුණු දෙක 'මාධ්‍ය හමුවේ' හෙළි කෙරේ 




තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වූයේ කරුණු දෙකක් නිසා බව හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ඔහු මේබව සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය බාර ගැනීම සඳහා සුදුස්සන් දෙදෙනෙකු සිටින බවට තහවුරුවූ නිසා මෙන්ම මීළඟ ලෝක කුසලානය සඳහා කණ්ඩායමක් සකසා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු නිසා තමන් ඉවත්වන බවයි මැතිව්ස් එහිදී කියා සිටියේ.

පසුගිය සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පරාජය සම්බන්ධයෙන් වගකීම තමන් බාර ගන්නා බවද ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කළා.