Sunday, September 22, 2024

General line - 0115112241

ලංකාවේ මුහුදු පතුලේ තත්ත්වය මෙන්න - සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කරන රටවල්වලින් 05 වැනි තැන අපි (VIDEO)




පොලිතීන් තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණයට සහාය වෙමින් සියලු ධීවර යාත්‍රා මුහුදට යනවිට  ධීවර වරායන් හිදී පරීක්ෂාවකට ලක් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (12)  නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. 

සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩිපුරම බැහැර කරන රටවල් අතරින් 05වන ස්ථානය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. 

මුළු ලෝකයම ප්ලාස්ටික් සහ පොලිතීන් වසංගතයට මුහුණ පා සිටින මෙම අවස්ථාවේ තවත් වසර දහයක් පහළවක් ගත වන විට මහා සාගරයම තවත් බේරේ වැවක් මෙන් කැලිකසලවලින් ගහන ජලාශයක් සේ දිස්වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රශකාශ කළා. 

මෙරට ධීවර යාත්‍රා  65000ක් පමණ තිබෙන අතර ඉන් දිනකට ප්ලාස්ටික් ටොන් 06කට ආසන්න ප්‍රමාණයක් සාගරයට බැහැර කරන බවයි වාර්තා වෙන්නේ.

මේ නිසා සාගරය විශාල දුෂණයකට ලක් වන අතර එය වැළැක්වීම සඳහා ධීවර නිලධාරින් මගින් ධීවර ප්‍රජාව දැනුම්වත් කළ යුතු බවත් විශේෂයෙන් ධීවර වරායන් තුළින් ධීවර යාත්‍රා සාගරයට ගමන් කරන අවස්ථාවන් හිදී ඔවුන් රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණයන් පිළිබදව තොරතුරු සටහන් කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට පැවසුවා. 

එමෙන්ම ඒ වෙනුවට හඳුන්වා දී තිබෙන විකල්ප ද්‍රව්‍ය භාවිතා කරන ලෙසත් සෑම ධීවර යාත්‍රාවකම අපද්‍රව්‍ය බැහැර කිරීමට සුදුසු භාජනයක් තිබිය යුතු අතර එම අපද්‍රව්‍ය සාගරයට මුදා නොහැර ආපසු ගොඩබිමට පැමිණි පසු පුළුස්සා දැමීමට හෝ වළ දමා විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දී තිබෙනවා.

(සාගරයට එකතු වී ඇති ප්ලාස්ටික් පිළිබඳ වීඩියෝවක් පහතින් දැක්වෙයි)