Sunday, September 22, 2024

General line - 0115112241

"ආණ්ඩුවේ ලොකු ඇමතිවරු කොටු වෙලා"




දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාලය දීර්ඝ කිරීමට රජය කටයුතු නොකරන්නේ ආණ්ඩුවේම ප‍්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට එරෙහිව පැමිණිලි විභාග වෙමින් පැවතීම නිසා බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ සිටින ප‍්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට එරෙහිව ද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි ලැබී තිබූ බවයි.

කොළඹ ඊයේ (12) පැවති සම්මන්ත‍්‍රණයක දී ඔහු ඒ සම්බන්ධයෙන්  කරුණු දැක්වූවා.