Monday, April 29, 2024

General line - 0115112241

සංගාගේ කතාවට අර්ජුන ප්‍රතිචාර දක්වයි




2009 වසරේ පකිස්තානයේ ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි තමන් ද ඉල්ලා සිටින බව හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. එමෙන්ම 2011 වසරේ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඊයේ (12) සිදු කළ ප‍්‍රකාශයකට අද මාධ්‍ය හමුවේ ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මේ බව කියා සිටියා. 

අර්ජුන රණතුංග කියා සිටියේ 2009 වසරේ ශ‍්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරය කරන අවස්ථාවේ නිසි බලධාරියා ලෙස කටයුතු කළේ එවකට ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වූ එස්. ලියනගම බවයි. 


එම සංචාරයට මාස කිහිපයකට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ පැවති ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වූ බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. වර්තමානයේ චෝදනා නගන ඇතැම් පුද්ගලයින් ඉන්දියාවේ අයි පී එල් තරගාවලියට සහභාගී වීමේදී ආරක්ෂාව පිළිබඳ කිසිදු විමසීමකින් තොරව ඊට සහභාගී වන බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.